World

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වෙයි.

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි.

එම අධිකාරිය පවසන්නේ, මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් සාපේක්ෂව පවතින බව යි.

මේ හේතුවෙන්, වයස අවුරුදු 30 අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත වෙනුවට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බව ඔවුහු පවසයි.

කැනඩාව, ෆින්ලන්තය සහ ස්වීඩනය ඇතුළු රටවල් රැසක් ද මේ වන විට මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

ගුවන් නියමුවා බාර දීමෙන් පසු ඉන්දු-පාකිස්ථාන දේශ සීමාවේ බර අවි ප්‍රහාර ඇවිලෙයි… සිවිල් වැසියන් මරුට…

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday