විදුලි බල ඇමතිවරයා විදුලි කප්පාදුවක් නොවන බව කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා නම් ජනතාව පිළිගත යුත්තේ කුමන ප්‍රකාශයදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කරයි.
ඇමතිවරයා විදුලිය නොකපන බව ප්‍රකාශ කළත් ඔහු ඒ ප්‍රකාශය කළ දිනයේ පවා ප්‍රදේශ ගණනාවක විදුලිය කප්පාදු වූ බැවින් ජනතාවට දැන් ඉටිපන්දම් පෝලිම්වලට යන්නට සිදුව ඇතැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය. ලෝකයේ සියලු රටවල් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ඉදිරියට යද්දී ලංකාව නැවත විදුලිය නැති ගල් යුගයට ගමන් කරමින් සිටි බව එජාප නියෝජ්‍ය නායකයා කියයි.