Colombo Today Local News

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

මන්කි පොක්ස් රෝගය සීඝ්‍ර වශයෙන් බෝවීම සිදු වන්නේ පිරිමි සම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර බවට පරීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඊයේ(09)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරේරා ප්‍රකාශ කළේ, ලොව මන්කි පොක්ස් වැලඳුන රෝගීන් විසිපන්දහසක් අතුරින් කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇති බවය.

එසේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට මෙම මන්කි පොක්ස් රෝගය වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් රෝගීන් හතළිස්පන්දහසක් ගත් විට ඉන් සියයට අනූහතක්ම (97%) පිරිමි පුද්ගලයන් බවටද හඳුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මේ වනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම මන්කි පොක්ස් රෝගය සඳහා කිසිදු එන්නතක් භාවිත කළ යුතු බවට පවසා නොමැති බවත් මේ සම්බන්ධව අනියත බියක් ඇති නොකර ගතයුතු බවත් දැනුම් දී ඇත.

එසේම පසුගිය තුන්වැනිදා මන්කි පොක්ස් වැලඳුනු ශ්‍රී ලාංකිකයකු මෙරටින් හමුවූ අතර මෙම තරුණයා පසුගිය පළමුවැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත.

මේවනවිට මන්කි පොක්ස් රෝගය රටවල් 109 ක ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. දැනට ලෝකය පුරා රෝගීන් හැත්තෑඅටදහසක් (78000) ක් සොයාගෙන ඇත.මෙම පිරිස අතුරින් මියගිය සංඛ්‍යාව පහකි.

Related posts

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

සජිත් අමතද්දී ජනහමුවට ගල් ප්‍රහාරයක්.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි.

colombotoday

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday