Colombo Today Local News

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති අර්බුදය නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මාස දෙකක මන්ත්‍රී දීමනා නොලැබුණු බවත් මන්ත්‍රීවරු හරහා සිදුකරන සංවර්ධන කටයුතු මාස දෙකක සිට නැවතී සිට ඇති බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති.

2021 මුල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්විමත් සමඟ සභාපතිවරයා ඉවත් කර උප සභාපතිනිය වැඩබැලීමට පත්කිරිම නිසා අර්බුදය හටගෙන තිබුණි.

ඒ අනුව හිටපු සභාපති රණසිංහ බණ්ඩා මහතා කොළඹ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් උප සභාපතිනියට වැඩ බැලීම වාරණයට ලක්කර තමන් නැවත සභාපතිධූරයේ පිහිටුවන ලෙස පෙත්සම ගොනුකර තිබේ. මේවනවිට මෙම පෙත්සම විභාගයට ගෙන ඇති අතර උප සභාපතිනියට වාරණ නියෝගය එවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමලය සහකාර පළාත් පාලන කොමසාරිස් ඒ.ජි.එස්.එල්.තෙන්නකෝන් මහතා පැවසුවේ අභියාචනාධිකරණයේ පෙත්සම විභාගය අවසන් වී තීන්දුවක් ලැබෙන තුරු කිසිවක් කළ නොහැකි බවයි. ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු වැටුප් ගෙවීම් පරිපාලන කටයුතු පමණක් සිදු කෙරෙන බවත් කීය.

Related posts

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 9000 ක පොල්ලක්. – බලාගාරවලට දැවිතෙල් ලබාදීම නවත්වයි.

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට.. දෙදෙනෙක් රෝහලේ

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin