Colombo Today Local News

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

වාරිමාර් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ , ජල කළමනාකරණ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, දැදුරුඔය ජලාශය වාන් දොරටු 4 ක් අඩි 2 බැගින් තවදුරටත් විවෘත කර පවතින බවයි.

මීට අමතරව රාජාංගණය ජලාශයේ වාන්දොරටු 6ක් විවෘතව පවතිනන අතර ඉන් මහ ජලකඳක් කලා ඔයට මුදා හරිමින් තිබේ.

එහි වාන් වාන් දොරටු විවෘත කර ඇත්තේ, වාන් දොරටු 2ක් අඩි 4 බැගින් ද, තවත් වාන් දොරටු 2 ක් අඩි 3 බැගින් ද සහ තවත් 2 ක් අඩි 2ක බැගින් ද වශයෙනි.

තව ද අංගමුව ජලාශයේ ද වාන් දොරටු 2 ක් අඩිය බැගින් විවෘත කර ජලය මුදා හරිමින් තිබේ.

වව්නියාව දිස්ත්‍රික්කයට ඇද හැළී ඇති අධික වර්ෂාපතනය හමුවේ වව්නියාවේ ජලාශවල ද ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අබේසිරිවර්ධන මහතා පවසයි.

Related posts

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

ජනාධිපතිවරණයට අනුරත් ඇප බඳී

Admin

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday