Colombo Today Local News

[Video] “සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ නොකරනු” – බොදුබලෙන් කාදිනල්ට අවවාද

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට වඩා වතිකානුවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන මැල්කම් රංජිත් කාදිනල්වරයාට “සිංහ‍ලේ” ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව සිංහලේ මහජන පෙරමුණ පවසනවා.

මේ රට “සිංහලේ” නොවන බවත් එවැනි ජාතිවාදී අදහස් හා සංවිධාන වහාම තහනම් කළයුතු බවටත් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පලකරමින් එහි සභපති ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.

බෞද්ධ සිද්ධස්ථාන ගිනි තබා, භික්ෂූන් වහන්සේලා ඝාතනය කර ආගම් ප්‍රචාරය කළ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලකයන් ‍වෙනුවෙන් අදත් පෙනී සිටින කාදිනල්වරයාට සිංහල ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත්, අද කතෝලික සභාවට අයිතිව තිබෙන ඉඩකඩම් ඔවුනට ලැබුනේ කෙසේදැයි යන්න සොයාබැළුවොත් අද කාදිනල්වරයා පෙනී සිටින අධිරාජ්‍යවාදී බලවේගවලින් සිංහල ජනතාවට සිදුවූ අසාධාරණය ගැන දැනගැනීමට ලැබෙනු ඇති බවද ඔහු සදහන් කළා.

පාප්තුමාගේ නියෝජිතයා ලෙස සිය ආගම ප්‍රචාරය කිරීමේ න්‍යායපත්‍රය පමණක් අතැතිව සිටින කාදිනල්වරයා මෙරට සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔවුන් දැඩිව අවධාරණය කරනවා.

කථිකාචාර්ය දිලන්ත විතාන‍ගේ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදිය

පෘතුගීසීන් කැළණි විහාරය ගිනි තැබීම

Related posts

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ශාසනාරක්ෂක සභාව පාර්ලිමේන්තුවට.. බුද්ධ ශාසන ඇමති හමුවී සාකච්ඡා (Video)

colombotoday