World

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

කොවිඩ් -19 නව කොරෝනා වෛරස පාලනයට පැනවූ තහංචි කිසිදු තැකීමක් නොකර උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සොල්බර්ග්ට දඩයක් ගෙවීමට නියම කර ඇති බව එරට පොලිසිය පවසා තිබේ.

කොවිඩ් -19 පාලනය සඳහා නෝර්වේ සෞඛ්‍ය අංශ පනවා ඇති නීතීවලට අනුව ,පුද්ගලයන් 10 දෙනෙකුට වඩා ඒකරාශී වීම තහනම් අතර,සෑමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු වෙයි.

අග්‍රාමාත්‍යවරිය එම සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර සිය 60 වැනි උපන්දින සාදය පවත්වා ඇත්තේ කඳුකරයේ නිවාඩු නිකේතනයකදීය.

අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සැමියා විසින් සැලසුම් කර තිබු උපන් දින සාදයට ඇගේ ඥාතීන් 13 දෙනෙකුට ඇරයුම් කර තිබේ.

කෙසේ නමුත් පුද්ගලයන් 10 දෙනෙකුට ඒකරාශී වීම තහනම්,නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට ඇමරිකන් ඩොලර් 2352 දඩ ගෙවීමට සිදුව ඇති බව පොලිස්පති ඕලේ සෝවාද් පවසනවා.

“නීතිය කාටත් පොදුයි,අග්‍රාමාත්‍යවරිය කියා විශේෂත්වයක් නැහැ,වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” යැයි එරට පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

colombotoday

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday