ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හට කොවිඩ් 19 මර්නධය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිට වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණය අනුව මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එන්නත්කරණය අත්හිටවූ බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
ඇස්ට්‍රෝසෙනිකා එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ලබාදීම සුදුසු නොවන බවට වෛද්‍ය විශේෂඥයන් පවසා තිබෙන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් වයස 30 ට අඩු තරුණයන් බව මහාචාර්යවරයා පවසයි.