Colombo Today Sports News

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (10)දින පැවති ප්ලේ ඕෆ් තරඟ වටයේ පළමු අවසන් පුර්ව තරඟයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමිනි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 172ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 06ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදි රුටුරාජ් ගයික්වඩ් ලකුණු 70ක් රැස්කළේය.

ප්ලේ ඕෆ් තරඟ වටයේ දෙවන අවසන් පුර්ව තරඟයට සුදුසුකම් ලබාගැනීමේ තවත් තරඟයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩ්ර්ස් කණ්ඩායම අතර අද (11)දින පැවැත්වීමට නියමිතය.

Related posts

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday