Colombo Today Local News

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා
නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ.

ඒ අනුව, මූලික අදියරේදී බන්ධනාගාර කිහිපයක පමණක් විශේෂ කාර්යය බළකා නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා,

“කොවිඩ් තත්ත්වය මත බන්ධනාගාර පරීක්ෂාකිරීම්වලින් තාවකාලිකව ඈත්ව සිටි පොලිස් විශේෂ කාර්යය බළකාය නැවත කොළඹ වැලිකඩ බන්ධානාගරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන තුනට නැවත ස්ථාපිත කළා. ඒ අනුව බන්ධනාගාර තුළ සිරකරුවන් සෝදිසි කිරීම සහ නිලධාරීන් සොදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය අද සිට ක්‍රියාත්මක වෙනවා.”

Related posts

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

ඇඟලුම් කොවිඩ් පොකුරක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

Admin