Colombo Today Local News

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙන්න CIDයට ආ සිව්දෙනෙකු අත්අඩංගුවට

සතොසේ සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)දින තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගැගෙන ඇත්තේ ලක් සතොසේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු යන සිව්දෙනාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව කටඋත්තර ලබාදීම සඳහා අද පැමිණි අවස්ථාවේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හෙට (12)දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්

colombotoday

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

colombotoday