Colombo Today Local News

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළ අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රි අමිල කුමාරසිංහ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන දුලන්ත රාජපක්ෂ යන අයට බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව විනය පරීක්ෂණයකට යත්ව මෙම නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

Related posts

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday