Colombo Today Local News

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවේ, ඔහු සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ඉදිරිපත් කර තිබූ රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙන යැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අද (01)අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ, අදාළ රහස්‍ය වාර්තාව වහා ම හෙට (02) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවෙන් 14 වන විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා පසුගිය දා පියවර ගත්තේ ය.

එය අභියෝගයට ලක් කරමින් අතුරුදන්වූ තරුණයින්ගේ ඥාතීන් පිරිසක් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද දින කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

Related posts

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නේපාලයට

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රහසිගතව ඉන්දියාවට විකුණා දැමීමේ උත්සාහයක්…

colombotoday

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday