Colombo Today Local News

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (11)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත්ව ඇතැයි මුසම්මිල් මහතා මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස්වලට හා ඔවුන්ගේ අන්තවාදී මතයන්වලට එරෙහිව නොවන අයට අපි මුස්ලිම් නීතිය වෙනස් කරොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවුඩය තමයි වෙනත් ආකාරයකින් අසාද් සාලි කියන්නේ. වයස අවුරුදු 12 ක දැරියක් විවාහ කරගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කරගන්න පුළුවන් මානසිකත්වය තමයි අසාද් සාලි ඉන්නේ. මොන තරම් පහත් මානසිතක්වයකින් ද මේ කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස්වීම ශිෂ්ඨ සම්පන්න ලෝකේ පිළිගන්න දෙයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර උප සංස්කෘතීන්වලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ නීති වෙනස් කළා කියලා අසාද් සාලිට ඌරු මස් කරන්න කියලා කවුරුත් කියන්නේ නෑ. සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ව ඇඳුමින් වෙන් කළා. ඊට පස්සේ ආහාරවලින් වෙන්කළා හලාල් කියලා ගෙනල්ලා. අධ්‍යාපනයෙන්, උසාවියෙන් වෙන්කළා. ඒ කරලා අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන උවමනාවන් ඉටුකර ගන්න සහරාන්ලාට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපති තුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා.”

Related posts

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday