Colombo Today Local News

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (Cruse) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි මේ වන විට දෙරටේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් තාරේගමද් අරිෆුල් ඉස්ලාම් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව හෙළිවිණි.

ඒ අනුව ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර එකගත්වය පළ වී ඇත.

බංගලාදේශ මහ කොමසාරිස්වරයා මෙහි දි කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාර්තු මාසයේ නිළ සංචාරයක නිරත වු අවස්ථාවේදී දෙරට අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට තීරණය වූ බවය.

අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට කෙටුම්පත් කර ඇති බවත් ඉතා කඩිනමින් එය අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් බංගලාදේශ මහකොමසාරිස්වරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හමුවේ වැඩිදුරටත් කීවේය.

බංගලාදේශයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ සහාය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ඒ සදහා සහාය ලබා දෙන්නයැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සදහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකාව සුදානම් බවයි.

බෞද්ධ ශිෂ්ටාචාරය මත පදනම් වු සංචාරක ව්‍යාපාරය, කඩොලාන හා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය දෙරටේම සංචාරකයන් අතර ප්‍රචලිත කළ හැකි බව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා පන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යවරයා කියා සිටියේ බිම්ස්ටෙක්, සාර්ක් වැනි කළාපීය සමුළු හරහා දකුණු ආසියානු කළාපයේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. දකුණු ආසියානු රටවල සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් හරහා මෙම රටවල ඒකාබද්ධ සංචාරක ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා කීවේය. ඊට බංගලාදේශ මහකොමසාරිස්වරයා ද එකගත්වය පළ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර කඩිනමින් එම අමාත්‍ය සමුළුව කැදවීමට තීරණය කෙරිණ.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Related posts

සමහරවිට ඒ ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති – යහපාලන ආණ්ඩුව ගැන මංගල කියයි

colombotoday

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ජය

colombotoday

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

colombotoday

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday