කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11)දින පෙරවරුවේ සිට අත්හිටුවා තිබේ.
ඒ පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකය 5% කට වඩා පහළ යාම හේතුවෙනි.
දෛනික ගනුදෙනු අත්හිටුවන විට පෙර දිනයට සාපේක්ෂව කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් ද S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් ද පහළ ගොස් තිබුණි.