Colombo Today Local News

“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජාතිවාදියිලු.. තහනම් කරන්නලු!

මේ රට “සිංහලේ” රට ලෙස නොව එකම ලේ ලෙස සිතිය යුතු බවත් එවැනි අන්තවාදී සංවිධාන හා ජාතිවාදී ආගම්වාදී ‍දේශපාලන පක්ෂ තහනම් කිරීමට කටයුතු කළ යුතු බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා පවසයි.

‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ 150වන සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයක් අමතමින් කාදිනල්වරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටියහ.

මේ අතර කාදිනල් පියතුමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සංවිධාන නියෝජිතයන් පැවසූයේ මේ රටේ සිංහල බෞද්ධ පදනම මත ගොඩනැගෙන ඕනෑම ව්‍යාපාරයක් අන්තවාදී ජාතිවාදී හංවඩුව ගසා එය යටපත් කිරීමට සිංහල බෞද්ධ විරෝධීන් කටයුතු කරන බවයි. වතිකානු රාජ්‍යයේ කාදිනල් තනතුරක් හොබවන, එම රාජ්‍යය විසින් මෙරට නියෝජිතයකු වශයෙන් පත්කළ මැල්කම් රංජිත් පියතුමාට “සිංහලේ” හෙවත් මෙරට ඓතිහාසික ජාතිකත්ව උරුමය පිළිබදව ප්‍රශ්න කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද ඔවුන් සදහන් කළා.

එමෙන්ම කොටි ත්‍රස්තවාදය හා ද්‍රවිඩ බෙදුම්වාදය ඉදිරියේ මුනිවත රැකි කාදිනල් පියතුමා ඇතුළු පිරිස “සිංහලේ” සංකල්පය දැක කලබලයට පත්වී සිටින බවත්, සිංහලේ ට බැට දීමට කතා කරන ඔවුන් මෙරට ක්‍රියාත්මක ඉස්ලාමීය හා ක්‍රිස්තියානි මූලධර්මාවදී සංවිධාන ගැන මුනිවත රැකීම ලැජ්ජාවට කරුණක් බවත් එම නියෝජිතයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූවා.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් පැවසූයේ “සිංහලේ” යනු ජාතිවාදී, බෙදුම්වාදී සංකල්පයක් නොවන බවත්, 1815 උඩරට ගිවිසුමෙන් පවා ගිවිසුම්ගත වූ මෙරට හැදින්වූ නම බවත්, ඒ තුළ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණියක් විසින් මෙරට ස්වදේශීක ජනතාවට අහිමිකරන ලද ස්වාභිමානය, ස්වදේශිකත්වය, ඓතිහාසික ජාතික අනන්‍යතාවය ඇතුළු පැරණි සිංහල ජනසමාජය සතු වූ සදාචාරවත් හරයන් කැටිකොට ගත් උතුම් සංකල්පයක් බවත්, මෙරට වෙසෙන සියළු ජනවර්ග සිංහලේ තුළින් නියෝජනය වන බවත්ය.

එබැවින් “සිංහලේ” රාජ්‍ය විනාශ කර දැමීමට මුල්වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසී ආදී විජාතිකයන්ගේ වත්මන් නියෝජනය ලෙස පෙනී සිටිමින් මෙරට ජනතාවගේ ස්වදේශිකත්වයට, ස්වාභිමානයට ජාතිවාදී අන්තවාදී ලේබල් ඇලවීමට කාදිනල්තුමා දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවද එම නියෝජිතයන් ප්‍රකාශ කළා.

https://youtu.be/8HNW-zEY5J8?t=55s

Related posts

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

කොටි රූකඩ වලට නටන්න ඉඩ දෙන්නෑ.. ජනතාවගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි හූල්ට ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

colombotoday