Colombo Today Local News

ඉන්දියානු බලපෑමට ආණ්ඩුව හිස නමයි.. පාකිස්ථාන් ජෙට් යානා ගැනීම නවතී !

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිලදී ගැනීමට සැලසුම් කර තිබූ පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ජෙට් යානා සම්බන්ධ ගනුදෙනුව, ඉන්දීය රජයේ දැඩි බලපෑම් හමුවේ අවසන් මොහොතේ දී අකුළා ගැනීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

චීන තාක්ෂණය උපයෝගී කරගෙන පාකිස්ථානය නිපදවා ඇති ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ජෙට් ගුවන් යානාවල ප‍්‍රථම විදෙස් ගැනුම්කරුවා ශ්‍රී ලංකාව වීමට සැලසුම් කර තිබුනි.

මේ අතර පාකිස්ථානයේ JF – 17 ගුවන් යානයට තරගකාරී වූ ජෙට් යානාවක් Tejas Light Combat Aircraft (LCA) ඉන්දියාව ද නිපදවිය.

ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී ද ඉන්දීය ජෙට් යානා මිලදී ගන්නා ලෙස බලපෑම් එල්ලවිය. තත්වයෙන් බාල වූ ඉන්දීය ජෙට් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අකමැති වීම හේතුවෙන් ඉන්දියාව යෝජනා කර ඇත්තේ පාකිස්ථාන ජෙට් යානාවලට සමාන තත්වයේ පවතින රුසියානු ගුවන්යානා මිලදී ගන්නා ලෙසයි.

පාකිස්ථානය සමග මෙම ගණුදෙනුව සිදුවුවහොත් අහිතකර ඵල විපාකවලට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි බවට රාජතාන්ත්‍රික තර්ජන එල්ල වී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසා තිබූ බවට මාධ්‍ය වාර්තා පලවිය.

මෙම ජෙට් යානා 18 ක් මිලදී ගැනීමේ සූදානමක පසු වූ අතර පසුව එය 10 දක්වාත් අවසානයේ දී 7 දක්වාත් අඩු වී තිබිණි. මෙම ගනුදෙනුවේ අවසන් අදියරට ද පැමිණ තිබිණි. මෙම ගුවන් යානය නිපදවූ පාකිස්තාන සමාගමේ මෙරට නියෝජිත සමාගම මඟින් මෙම ගනුදෙනුව කිරීම සඳහා සියලූ කටයුතු සූදානම්ව තිබිය දී පාකිස්තාන අගමැතිවරයාගේ මෙරට සංචාරය සමඟ මෙය රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනුවක් බවට පත් වීම හේතුවෙන් ඉන්දීය විරෝධය දැඩි වී ඇත.

Related posts

එදා රතුපස්වල කදුළු විකුණන් කෑ ජවිපෙ අද තඹුත්තේගම ගොවීන්ට පහරදීම ගැන නිහඩයි !

colombotoday

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday