Colombo Today Local News

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11)දින නියෝග කළේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියා සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුනොවූ බව පෙන්වා දුන් එම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බව ද දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් වාහන 10 ක් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුල්වෙන ස්ථානයේ තිබූ අනවසර ඉදිකිරීම ඉවත් කෙරේ

colombotoday

මහ බැංකු අධිපති අත්අඩංගුවට

Admin

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday