Uncategorized

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්

බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීම රජය තිරණය කර ඇත.

මේ සදහා බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය යොදාගත හැකි බවත් මෙරට අවශ්‍යතාවය අනුව වසර 200 ක් තරම් කාලයකට අවශ්‍ය කැල්සයිට් එහි ඇති බවත් මේ වනවිට හෙලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එසේ තිබියදීත් කැල්සයිට් විදේශ රටවලින් මෙතෙක් ආනයනය කර ඇතැයි කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී ගොස් ඇතැයි ද කියා සිටියේය.

බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා සියයට 100 ක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත පැවරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවැසුවේය.

සියලූම බෙහෙත් පෙති වර්ග නිෂ්පාදනයෙ දී කැල්සයිට් (කැල්සියම් කාබනේට්) භාවිතා කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය, කැනීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඩ පීවීසී පයිප්ප, තීන්ත, තීන්ත, කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඞ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග. රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව කැල්සයිට් යොදා ගැනේ.

මේ වනවිට බලංගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට් පවුඩර් වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධී ආයතනය විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදු කර තිබෙන අතර භූ විද්‍යා හා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගම හා එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related posts

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

TNA විරෝධය මැද මුලතිව් නාහිමි දේහය විහාර භූමියේම ආදාහනය කරයි….

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin