Colombo Today Local News

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

rajitha defමෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු වත්මන් පාලන සමයේත් ‘සුදු වෑන්’ වලින් පැහැරගැනීම් සහ වධ හිංසා පැමිණවීම් සිදුවී ඇති බව මර්සුකී දරුස්මාන්ගේ නායකත්වයෙන් යුතු මණ්ඩලයේ සාමාජිකා යැස්මීන් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍ය හා යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) නමින් හදුන්වන සංවිධානයක් විසින් පසුගිය ජනවාරි 6දා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කොට ඇත.

එම වාර්තාව පිළිබදව ඊයේ (07) දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටි අතර ඒ වනතුරුත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බව අමාත්‍යවරයා පැවසීය.

එහිදි අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ ‘මිනිසුන් උස්සන ලෙස සුදු වෑන් වලට බාර දී නොමැති’ බවයි. ‘ඕනැම වාහනයකින් පුද්ගලයන් ඉස්සිය හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා පැහැර ගැනීම් සිදු වූ බව සෘජුව ප්‍රතික්ෂේප නොකළේය. ‘මම දන්නේ නැහැ ඕවා ඉස්සුවේ ආණ්ඩුවෙන්ද වෙන කවුරු හරිද කියලා,’ යි ඔහු පැවසීය.

Related posts

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

colombotoday

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමළ නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව..

colombotoday

තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ලාංකික සරණාගතයන් 16ක් නිදහස ඉල්ලා වස බෝයි.. දෙදෙනෙකු බඩ කපා ගනී…

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday