World

කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය

කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ.

මේ එන්නත 92%කට වඩා ඵලදායි බව පැවසෙන අතර මේ එන්නත ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොවිඩ් මර්දන එන්නත් මිලදීගෙන හෝ ලබාගෙන නොමැත.

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමකට මුහුණ දී සිටින කියුබාව ජනතාවට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර දේශීයව නිපදවන එන්නත් දෙකක් ඒ සඳහා භාවිතා කරයි.

එයින් එකක් වන අබ්දලා කොවිඩ් එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට කියුබාවේ ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබුණි.

එම එන්නත 92% කට වඩා ඵලදායි බව එන්නත් නිෂ්පාදක ආයතනය නිවේදනය කිරීමෙන් පසුවය.

මේ වසරේ රටේ සියලුම වැසියන්ට එන්නත් ලබා දීමට අපේක්ෂා කරන කියුබාව තම රටට අවශ්‍ය සියලුම එන්නත්වලින් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර කොවිඩ් මර්දන එන්නත් පහක් සංවර්ධනය කරමින් සිටී.

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් සාර්ථකව සංවර්ධනය කළ ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් කලාපයේ පළමු රට වන කියුබාව වන අතර තමන්ගේම කොවිඩ් එන්නතක් නිපදවු ලොකයේ කුඩාම රට ද වන්නේය.

Related posts

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

Admin

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday