Colombo Today Local News

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

ranjanදෙමටගොඩදී තරුණයෙක්‌ පැහැරගෙන යැමේ සිද්ධියට හිරුණිකා සම්බන්ධ බව මුළු රටම දන්නවා. ඒත් පොලිසිය එයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. පොලිසිය දේශපාලනඥයන්ට තාමත් බයයි. යහපාලන ආණ්‌ඩුව දොවා ගත්ත කිරි කළයට හිරුණිකා ගොම එකතු කළා යෑයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (07 වැනිදා) කියා සිටියේය. රන්ජන් රාමනායක මහතා මේ බව කිය සිටියේ දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යන්න පිළිබඳව විමසීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාමනායක මහතා මෙසේ ද කියා සිටියේය.

යහපාලන ආණ්‌ඩුව හදන්න අපි ගොඩක්‌ වෙහෙසුණා. ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කළා.

එදා දේශපාලන වේදිකාවෙදි හිරුණිකා සුදුවෑන්වලට විරුද්ධව කෑගැසුවා. ඒත් බලයට ආවට පස්‌සෙ එයාලා කළු ඩිෙµන්ඩර් දාලා මිනිස්‌සු අරගෙන යනවා.

මේක වැරදි වැඩක්‌. වරදක්‌ කළා නම් රන්ජන් රාමනායක වුණත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ පැහැර ගැනීම වෙන අහිංසක මිනිහෙක්‌ කළා නම් ඒ මිනිහා මෙලහකට හිරෙත් ගිහිල්ලා.

පසුගිය ආණ්‌ඩුව කාලේ පොලිසිය දේශපාලනඥයන්ට පුදුම බයක්‌ දැක්‌වූවා. ඒ බය තවමත් පොලිස්‌ නිලධාරීන්ගෙන් මැකී ගිහින් නැහැ.

යහපාලන ආණ්‌ඩුව යටතේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වරදක්‌ කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමැති කියලා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. එහෙම වුණොත් අපි දුක්‌ මහන්සියෙන් ගොඩනගපු යහපාලනයෙන් වැඩක්‌ නැහැ.

හිරුණිකාගේ ආරක්‌ෂකයො එයාගෙ ඩිෙµන්ඩර් එකෙන් ගිහින් තරුණයෙක්‌ පැහැරගත්ත හැටි මුළු රටම සී. සී. ටී. වී. කැමරාවලින් දැක්‌කා. පොඩි දරුවෙක්‌ අධිකරණයේ සාක්‌කි දුන්නා. හිරුණිකා මේ තරුණයාට තර්ජනය කළා කියලා. ඒත් පොලිසිය කියනවා හිරුණිකා අල්ලන්න සාක්‌ෂි නැහැ කියලා. මේක මහ ලැඡ්ජා නැති වැඩක්‌. හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යහපාලන ආණ්‌ඩුවට වෙච්ච කැළල සදාකාලික එකක්‌ වෙනවා” යෑයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ආර්ථික අර්බුදයට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Admin

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

colombotoday

‍රනිල්-අනුර විවාදයක්

Admin

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි… අලුත් දින මෙන්න

colombotoday