ඇඹිලිපිටිය නගරයේ කළු කොඩි ඔසවා ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත වෙන බව වාර්තා වනවා.
මෙම විරෝධතාවය පොලීසියට එරෙහිව සිදු කෙරෙන්නක් බවයි වාර්තා වෙන්නේ.
ඇඹිලිපිටිය ප්රදේශයේදී පොලීසිය සමග ඉකුත්දා ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පුද්ගලයෙකු අද (07) අලුයම මිය යෑමේ සිද්ධියට මෙම ජනතාව මෙලෙස දැඩි විරෝධය පළ කරනවා.
මේ සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ පලායාමට උත්සාහ කිරීමේදී ගොඩනැගිල්ලකින් වැටි මෙම තරුණයා තුවාල ලබා සිටි බවයි.