Colombo Today Local News

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

දිවුල්වැව නිවසක සිටි දරුවා මවගෙ රැකවරණයෙ සිටියදීම ගම්මානයෙම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවකු හා සොරකම් රැසකට සම්බන්ධ 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ දරුවා පැහැර ගෙන ගොස් තිබු බව පොලිසිය සදහන් කරයි.

එසේ පැහැර ගත් දරුවා නිවසේ සිට මීටර 200 කට ආසන්න දුරකින් පිහිටි දිවුල්වැව වැවේ කැලෑවකට රැගෙන ගොස් කිසියම් අතවරයකට ලක්කර පසුව පොහොර උරයකට දමා එය ගැට ගසා වැවේ කෑලැ රොදක දමා සැකකරු පැන ගොස් තිබු බව ආණමඩුව පොලිසිය කියයි.

මෙම දරුවාගේ මව නිවස ඉදිරිපිට වෙළද සැලේසිටියදී සැකකරු මෙසේ පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.

දරුවා නොමැති බව දැනගත් මව නිවස හා වෙළදසැල අවට සොයා ඇති අතර පසුව ප්‍රදේශවාසින් සමග එක්වි දරුවා සොයද්දී උරයක දමා ඉතා අසිරුවෙන් සිටියදී බේරා ගෙන ඇති බව කියයි.

ඒ අතර තුර මෙම සිද්දියට සම්බන්ධ යැයි සැකකරන සැකකරු දිවුල්වැවට ඉහල කෑලැ බද ප්‍රදේශයක සිටියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ආණමඩුව පොලිසියෙ නිළධාරින්ට භාර දී තිබේ.

ගම්වාසින්ගේ ප්‍රහාරයට ලක්වු සැකකරු පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ආණමඩුව පොලිසිය වෙත රැගෙන යාම සිදුව තිබුනී.

මෙය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියට ද ගම්මාසින්ගෙන් බාධා එල්ල වි ඇත.

Related posts

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday