Colombo Today Local News

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය.

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අද (08) දින සිට ලබන 13 වැනි දා දක්වා විදේශගත වන හෙයින්ඒ කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මෙසේ පළවිය.

එමෙන්ම,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ. එස්.ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක පුරප්පාඩුව සඳහා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුද සහභාගී වූහ.

Related posts

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday