Colombo Today Local News

CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයි

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාලව සිදු කරන පරීක්ෂණවලදී සොයා ගෙන ඇති සීසීටීවී දර්ශන අඩංගු විඩියෝ පට අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලය පවසයි.

එබවින් එම වීඩියෝ දර්ශන වැඩිදුර පරීක්ෂ සදහා ඇමරිකාවේ එෆ් බී අයි හෝ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් වෙත යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ දර්ශනවල වාහනයක් දක්නට ලැබුන ද එහි අංක තහඩුව හෝ එහි ගමන් ගන්නා පුද්ගලයන් හඳුනා ගැනීමට අපහසු බව කොළඹ විශ්ව විද්‍යාලය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

කෙසේවුවද, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් ඉකුත් දිනවල කියා සිටියේ තාජුදීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් ‘දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන’ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ සිදුවීමට හවුල් ප්‍රභූ පවුලක සාමාජිකයන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.

එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැතැයි එම දෙපාර්තමේන්තුව එම ප්‍රකාශයට පිළිතුරු ලෙස සඳහන් කර තිබිණි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන තිබේ නම් ඒවා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබිණි.

පසුව අමාත්‍යවරයා පවසා තිබුනේ, තමන්ගේ හිතවතකු එබව දැනුම්දුන් බවයි.

Related posts

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

colombotoday

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday