Colombo Today Local News

අළුත් ව්‍යවස්ථාව එයි: බුද්ධාගමට මුල් තැන නෑ.. ඒකීයභාවය අහෝසියි

dineshජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රටේ ඒකීයභාවය ඇති කිරීම, රටේ ප්‍රධාන ආගම බුද්ධාගම ලෙස නම් කිරීම වැනි වගන්ති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නොමැති බවත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම මූලික අරමුණ බව පෙන්වමින් ආණ්ඩුව රට අනතුරට ලක් කිරීමට උත්සාහ දරන බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

රටේ ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනස් විය යුතු බව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනකු වන දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් දැනටමත් අදහස් ප්‍රකාශ කර ඇති බවත්, ඔවුන් ෆෙඩරල් ක්‍රමයට එහා ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඇති බව එක්තරා පුවත්පතකට පවසා ඇති බවත් ඊයේ (3දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා අපි පිළිගන්නවා. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ භයානක කරුණු කීපයක් අහෝසි කරනවා ජනප්‍රිය කරුණු දෙකක් ඉස්සරහට දාලා. ඒකීය රාජ්‍ය අහෝසි කිරීම, උතුර නැඟෙනහිර එකතු කිරීම, රට සහසන්ධීය ආණ්ඩුවක් බවට පත් කිරීම කරන්නේ ටී.එන්.ඒ. මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමක්. ටී.එන්.ඒ. කියන්නේ එක රටක් තුළ ආණ්ඩු දෙකක් හැටියට කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාත්‍යන්තර බලවේගවලට හිසනවා ජිනීවා කොන්දේසි තුළ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න. ජිනීවා කොන්දේසිවලත් තියෙනවා ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න කියලා.

අවසන් මොහොතේදීත් අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තිබෙන යෝජනා නිවැරැදි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස යැයිද දි‍නේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය වෙනත් ක්‍රමවේදයකින්?

Admin

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday