Colombo Today Local News

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය වෙත “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබේ.

විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුතුව එම බලකාය පිහිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේ දී නව ඒකකයේ සහය ලබා ගැනීමට නියමිතය.

දියමත විශේෂ මෙහෙයුම් ඒකකය සඳහා බෝට්ටු පුහුණුව ද ලබා දී ඇති අතර, මේ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහයත් ලබා දී තිබේ.

Related posts

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000ක් කටුනායකට රැගෙන එයි

colombotoday

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin