අද පැවැත්වෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණයෙන් තිලංග සුමතිපාල මහතාට ජයග්‍රහණය හිමිවෙතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ColomboToday.com වෙත වාර්තා වෙනවා.
ඊයේ රාත්‍රිය වන විට ජන්ද 90 ක් තිලංග සුමතිපාල මහතා වෙත හිමිවීමේ ප්රවනතාවයක් පැවති අතර ක්‍රීඩා ඇමති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතා වෙත ජන්ද 50 කට අසන්න ප්‍රමාණයක් ලැබෙතැයි අපෙක්ෂා පලවී තිබෙනවා.
කෙසේවෙතත් ලංකාව පුරා විසිරුණු “සූදු පොළ” ව්‍යාපාරයක හිමිකාරීත්වය දරන තිලංග සුමතිපාල මහතා මෙම තනතුරට පත්වීම කොතරම් සදාචාර සම්පන්නද? කොතෙක් දුරට නීත්‍යානුකූලද? යන්න පිළිබදව බරපතල ගැටළුවක් සමාජය ඉදිරියේ ඉතිරිව පවතිනවා.