Colombo Today Local News

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන කේ. ඩී. අජිත් සිසිර කුමාර යන විත්තිකරුවන් දෙදෙනා අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද(1)දින නියෝග කළේ ය.

ඒ , කළුගල් කැනීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 6 ක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 8 ක් යටතේ පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ය.

විත්තිකරුවන්ට එරෙහිව තම කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රයේ පවතින තාක්ෂණික දෝෂයක් නිසා චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය ප්‍රකාශ කළේ ය.

එම විත්තිකරුවන්ට ඇප ලබාදීමේදී පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ කොන්දේසිය ඉවත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

Related posts

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

colombotoday

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

colombotoday