Colombo Today Local News

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගි වී තිබේ.

ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ. ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි. දැනට අධික ලෙස ඉහළ​ ගොස් ඇති දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සාකච්ඡාවේදී පැමිණි මෙම එකඟතාවට අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා වාහන ආනයනකරුවන්ගේ වැඩිදුර යෝජනා ලබාගැනීම වෙනුවෙන් සති 02ක කාලයක් රජය විසින් ලබාදී ඇත.

Related posts

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

colombotoday

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

colombotoday

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin