BusinessColombo Today Local News

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

car

භාවිතයෙන් ඉවත් කළ වාහන වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී මෙම වාහන වෙන්දේසිය සිදුකෙරුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය. වරාය අධිකාරියේ භාවිතයෙන් ඉවත් කළ වාහන ටෙන්ඩර් කැඳවා විකුණා දැමීම මීට පෙර සිදුවූ අතර එහිදී විවිධ බලපෑම් හේතුවෙන් වාහන අළෙවි වී ඇත්තේ වරාය අධිකාරියට අඩු ආදායමක් ලබාදෙමින් බව සඳහන්ය.

මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග සහ වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි භාවිතයෙන් ඉවත් කළ සියලු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ පැවති වෙන්දේසියේදී වාහන 50ක් හා ඒ ආශ්‍රීත උපකරණ 33ක් වෙන්දේසි වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරීය සඳහන් කළේය.

Related posts

නාකොටික් IP ​බාරවෙයි

colombotoday

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

බැදුම්කර ගැහිල්ලෙන් ණය පොලී අනුපාතය ඉහළට.. රජයට පාඩුව කෝටි 20.000කට වැඩියි !

colombotoday

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

කතානායක රකින්න 2/3ක් සූදානම්

Admin

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday