Colombo Today Local News

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

පාතාල ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් “පෙතියාගොඩ සංඛ” නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම සැකකරුවන් සමඟ ටි 54 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව පෙතියාගොඩ සංඛ නමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා යොදා ගත් ගිනි අවිය පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිසිය සදහන් කරන්නේ එම ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ රත්නපුර මාර්ගයේ ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිසියට භාර දී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 40 අතර පසුවන්නේය.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී පොජ්ජ පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ එස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනාගේ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය දැනුම් දෙයි

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

20 ගැන සංඝයාවහන්සේගේ මතය ජනවරමින් පරාදයි.. ජනතා මතය අපි සමගයි – ජවිපෙ කියයි

colombotoday

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin