Colombo Today Local News

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

oil priceජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තයේ පළමු සංවත්සරය සහ යහපාලන සතිය සැමරීම සදහා ඉන්ධන මිළ. අඩු කරන්නැයි යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මේ වන විට ලෝක වෙළද පොලේ බොරතෙල් මිළ කැපී පෙනෙන ලෙස අඩු වී ඇතැයිද පෙන්වා දෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම සිදු කරනවා.

යහපාලන සතිය සැමරීම සදහා ජනතාවට එක් වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ යහපාලනයෙන් එතුමන්ලට තරම් ජනතාවට වරප්‍රසාද ලැබී නොමැති බවයි.

මේ අතර ලෝක වෙළදපලේ බොරතෙල් බැරලය ඩොලර් 35 සීමාවේ පවතින අද වන විට දේශීය වෙළඳපලේ සංස්ථාවේ ලාභයද සහිතව බදු රහිතව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 65ක් හා ඞීසල් ලීටරයක් රුපියල් 70 මිලටත් දිය හැකි යයිද ඛණිජතෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි.

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සදහා මිළ සූත‍්‍රයක් සකස් කරන බවයි ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලයම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මීට පෙර ප‍්‍රකාශ කළේ.එසේ වුවත් නව මිල සූත‍්‍රයෙන් වත්මන් පෙට‍්‍රල් ලීටරයක මිල වන 117 කිසිසේත්ම අඩු නොවන්නේ යයිද ඛණිජතෙල් සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයට

Admin

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin