Colombo Today Local News

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ‘මව්බිම’ පවසා තිබේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංගම්, සිවිල් ක්‍රියාකාරීන් මේ සඳහා එක්වන බව ද ඔහු සදහන් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත්, විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා නොකරන ලෙසටත් බල කරමින් මේ විරෝධතාව සංවිධාන කොට ඇතැයි ද හෙතෙම පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස තහවුරු කොට තිබියදීත් වසර සියයකටත් වඩා පැරණි පොලිස් ආඥා පනත භාවිත කරමින් උද්ඝෝෂණය කිරීමේ අයිතිය මර්දනය කිරීමට කිසිසේත් ම පොලිසියට ඉඩදිය නොහැකි බව ද ඔහු අවධාරණය කර ඇත.

Related posts

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday

අත්අඩංගුවට ගත් අය පොදු සමාවක් දී නිදහස් කරන්න – පා.ම. කාදර් මස්තාන් ඉල්ලයි

colombotoday

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday