Colombo Today Local News

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවෙිදී ය.

යුද්ධය නිසා අත් හැරුණු වනජීවී හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යාතාව පැහැදිලි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

සති දෙකක් ඇතුළත සහල් ආනයන නොකොළොත් තත්ත්වය දරුණු අතට

Admin

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday