Colombo Today Local News

චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයි

රක්ෂිත බන්ධනාගාර ගත කර තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කළේය.

තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය බන්ධනාගාරය තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා නඟා අද (13)දින වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්(මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.

සැකකාරිය වෙත නඟා ඇති චෝදනාවට නිවැරදිකරු ලෙස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී ඇය ප්‍රකාශ කිරීමෙන් පසු කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා විසින් මෙම චෝදනාව වැඩිදුර විභාගය සඳහා 2022.11.03 වන දින දක්වා කල් තබා තිබේ.

Related posts

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලයි

Admin

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

colombotoday

සිංහල ව්‍යාපාර වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – දුකාගෙන් විශේෂ හෙළිදරව්වක්

colombotoday

ලසන්ත සමග දුරකථන සංවාදයේ හඩ පටය ගැන මහින්ද කතා කරයි

colombotoday