Colombo Today Local News

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලද විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එකඟවී තිබේ.

එහි ආරම්භය ලෙස ඇහැලියගොඩ ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීහු උපදෙස් ලබා දී ඇත.

“ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශනයට අත්වැලක්” මැයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වී තිබේ.

එහිදී ශීෂ්‍ය-ශිෂ්‍යාවන්ට සහ ආචාර්යවරුන්ට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි ව ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විද්‍යුත් යන්ත්‍රයක් භාවිත කිරීමෙන්, මුද්‍රිත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි යනාදිය සඳහා වන පිරිවැය ඉතිරි වන අතර, ඡන්ද ගණනය සඳහා වැයවන ශ්‍රමය සහ කාලයද අවම කරගත හැකි බව මැතිවරණ විශේෂඥයෝ පවසති.

Related posts

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

පොලිසියට තග දැමූ සරසවි සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday