Colombo Today Local News

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා තිබේ.

අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට යන බවට රාවයක් පැතිර ඇතැයි ද එහි සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගතහොත් ආර්ථිකය යළි ගොඩ ගැනීමට හැකි වෙතියි සමහරුන් තුළ මතයක් ඇති බව එම මන්ත්‍රීවරුන් එහිදී පවසා තිබෙි.

රටේ ඩොලර් සංචිතය ජනවාරි වන විට අවසන් වෙන තැනකට පැමිණ ඇතැයි ද ආර්ථිකය ඉතා අපහසු තැනක පවතින බැවින් ලබන වසර අමාරු වසරක් වේවි යැයි වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

Related posts

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday