World

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

වසර 900කට වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජුගේ භාර්යාව වන 75 හැවිරිදි කැමිලා රැජිණ ද කිරුළු පැළඳීමට නියමිත බව මාළිගය තහවුරු කළේ ය.

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව චාල්ස් කුමරු එරට රජු ලෙස නම් කරනු ලැබුවේ ය.

Related posts

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

colombotoday