Colombo Today Local News

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් මෙන්ම විදේශ සංචිත පිළිබඳවද බැරෑරුම් තත්වයක් පවතින බව පිළිගන්නේ යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ගෙවිය යුතු සෑම ඩොලරයක්ම ලබන වසරේ ගෙවා නිම කරන බවද හෙතෙම ප්‍රකාශ හෙතෙම ප්‍රකාශ කළේය.

රට මේ තත්වයට වැටුණේ කොවිඩ්වලට අමතරව ඔබ තමුන්නාන්සේලා පසුගිය වසර පහේදී කටයුතු කළ විදිය නිසා බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ නිෂ්පාදන වැඩි දියුණු කිරිම සඳහා ව්‍යවසායකයන් දිරි ගන්වන බවද පැවසුවේය.

විදේශ ආයෝජන ලබා ගැනීමට ලොකු බලාපොරොත්තුවක සිටින බවද විවිධ විවේචන එල්ල වන නිසා මේ කටයුත්ත ඉතා පරිස්සමින් කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අප හිතන පතන ආකාරය අනුව විදේශීය ආයෝජකයන් මෙරටට නොඑන බව පැවසූ මුදල් අමාත්‍යවරයා මුදල් රටේ දීර්ඝකාලීනව රැඳෙන ආකාරයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මනින්ම ගොඩ නැංවිය හැකි ක්ෂේත්‍රයක් බවත් සංචාරක අමාත්‍යවරයා රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට විශාල උත්සාහයක් ගන්නා බවත් ඔහු පැවසීය.

Related posts

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday