වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (10)දින පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම්කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි.
මේ අතර, වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ද අනුමැතිය හිමිව ඇත.