Colombo Today Local News

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

වෙළෙද සහායකයකු පැහැරගෙන ගොස් පහර දෙනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.

මාස එක හමාරක බිලිදකුගේ මවක වන හිරුණිකා මහත්මිය උදෙන්ම අධිකණයට පැමිණ සිටියත් ඇය සිය දරුවාට කිරි දෙමින් අධිකරණ පරිශ්‍රයේ රැදිසිටිම නිසා නඩුව කැඳවන අවස්ථවේදී ඇයට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව සඳහන් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අභිමානි රන්දෙනිය මහත්මිය ඊට සමාව අයදමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය. එමෙන්ම මින්මතු නියමිත වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරුවරයා ඇයට තරයේ අවවාද කළේය.

Related posts

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

ශිෂ්‍යත්ව දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday