Colombo Today Local News

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

නිසි නඩු විභාගයක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කර සිටින කොටි සැකරුවන් නිදහස් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පිය තුමා ප්‍රකාශ කරයි.

මැල්කම් රංජිත් පිය තුමා මේ බව ප්‍රකාශ කළේ නත්තල් අළුත් අවුරුදු දිනය නිමිත්තෙන්, වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටින රැඳවියන් පොදු සමාව යටතේ නිදහස් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

“නත්තල් අළුත් අවුරුදු දිනය වන මෙම දිනයේදී, ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව රැඳවියන් නිදහස් කිරීම යහපත් කරුණකි. ඒ අතරම, රට පුරා ඇති බන්ධනාගාර වල සිරගත කර සිටින දෙමළ දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන, ඔවුන්ව නිදහස් කළ යුතුය. කිසිඳු නඩු විභාගයක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කර සිටින දෙමළ දේශපාලන රැඳවියන් මානසික වශයෙන් පීඩාවට පත්වී ඇත. එබැවින්, යහපාලන රජය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුය” යනුවෙන් ‍එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ප්‍රකාශ කර ඇත.

මෙම වැඩසටහනට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ඩී.එන්.ස්වාමිනාදන්, බන්ධනාගාර කොමසාරිස් ඩී.එන්.උපුල්දෙනිය ඇතුළු නිලධාරීන් සහභාගි වී සිටියහ.

Related posts

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday