Colombo Today Local News

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

පොලොන්නරුව,මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල 28 වෙනි සැතපුමට ආසන්නයේ දී අද (10)දින ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව,හතරේ ඇල, පදිංචි ඩබ්ලිව්.එම්.එස්.රත්නකුමාර නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.

හෙතෙම මින්නේරිය ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය කරන අයෙකු බව අනාවරණය වී ඇත.

එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතිබව පොලීසිය සඳහන් කළේය.

එම මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(10) දිනයේ පොලොන්නරුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

Related posts

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

බදියුදීන් මොහොමඩ් රියාජ්- අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කරයි

colombotoday

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

colombotoday