Colombo Today Local News

අද සිට ලැබෙන බදු සහන මෙන්න

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01)දින සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීරණය කළේය.

කෙසේවෙතත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් එම පුද්ගලයින් බදු ගෙවීමට යටත් වේ.

මේ අතර ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම ද අද සිට අහෝසි කර තිබේ.

මීට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාරවලින් අය කිරීමේ සීමාව අද සිට කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75 ක් දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin