Colombo Today Local News

විදේශගතව සිටින ‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ 19 වන සැකකරු ලෙස නම් කර සිටින දැනට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “බඩෝවිට ලොකූ” නැමැත්තා වහාම අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02)දින විවෘත වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීම සලකාබැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කෙරිණි.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ 19වන සැකකරු ලෙස නම්කර සිටින දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් බඩෝවිට ලොකූ නමැති සැකකරු එම නඩුවේ සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම්කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

බඩෝවිට ලොකූ නැමැති සැකකරු මේ වනවිට විදේශයකට පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටී.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම විවෘත වරෙන්තු නිකුත්කිරීම සිදුකළේය.

Related posts

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

Admin