Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01)දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට භාරදිමට නියමිත බව වාර්තා වේ.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර කොමිසම විසින් සිදුකළ සියලු සාක්ෂි සටහන් කර ගැනිම් ද අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.

Related posts

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday