Covid 19

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

කොවිඩ් මරණ 145ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (03) දින තහවුරු කර ඇත.

මෙම මරණ 145ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,951ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම කොවිඩ් මරණ 145න් 68 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 117 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 24 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින්ය.

Related posts

තවත් කොවිඩ් මරණ 31ක්

colombotoday

නිරෝධායන රීති කඩමින් දන්සලෙන් කෑ නවයකට කොවිඩ්

colombotoday

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

colombotoday

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday